ස්ථාන මාරුවට එරෙහිව අජිත් රෝහණගෙන් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ට ලිපියක්

ස්ථාන මාරුවට එරෙහිව අජිත් රෝහණගෙන් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ට ලිපියක්

තමාව ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් දකුණු පළාතභාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක මහතාට ලිපියක් යොමු කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට ඔහුගේ අනුමැතියෙන් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් මාරු කිරීමට කිසිම බලයක් නැති බවත් ඒ අනුව, එම නියෝගය පිළිපැදීමට තමන් බැඳී නොමැති බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එම ලිපියෙන් සඳහන් කර තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත් දෙනකු පොලිස් කොමිසම විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීමට නියෝග නිකුත් කරනු ලැබුවේ ඊයේ (25) දිනයේදීය.

ඒ අනුව, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඊට එරෙහිව මෙම ලිපිය යොමු කර ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාටය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරු කිරීමට බලය ලබා ඇත්තේ ජාතික පොලිස් කොමිසමට බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සිය ලිපියෙන් දැනුම් දී ඇත.

පොලිස් ආඥා පනතේ 56 වැනි වගන්තිය අනුව සහ විජේසූරිය එදිරිව රජය 1974 එන් එල් ආර් 25 නඩුවේ නියෝග අනුව අනීතික නීතිය ක්‍රියාත්මක කිරීමට තමා බැඳී නොමැති බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සිය ලිපියේ සඳහන් කර තිබේ.

Share This