කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැසිකිලියක පිපිරීමක්

කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැසිකිලියක පිපිරීමක්

කැකිරාව ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිල කාමරය අසල වැසිකිලියක පිපිරීමක් සිදුව ඇතැයි කැකිරාව පොලිසිය පවසයි.

පිපිරීම සිදුවන අවස්ථාවේ ප්‍රාදේශිය ලේකම්වරයාද සිය නිල කාමරය තුළ සිට ඇති අතර එම පිපිරීමෙන් ප්‍රාදේශීය ලේකම්වරයාට හෝ කාර්ය මණ්ඩලයේ කිසිවකුටත් හානියක් සිදුව නැතැයිද පොලිසිය පවසයි.

එම පිපිරීමෙන් වැසිකිළියේ කොටස් හා ජනෙල් ඇතුලු දේපල රැසකට හානි සිදුව ඇති බව පොලිසිය කියයි.

සතියේ ආරම්භක දිනය වන අද දිනයේ සේවා ලබා ගැනීම සදහා පැමිණි පිරිස්ද මෙම පිරිපිරීම සිදුවන අවස්ථාවේ එම කාර්යාල පරිශ්‍රයේ සිට ඇති අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ සිදුව ඇති එම පිපිරීම සම්බන්ධව වැඩිදුර විමර්ශන කැකිරාව පොලිස් ස්ථානය මගින් මේ වනවිට ආරම්භ කර තිබේ.