පාසල් ආශ්‍රිත ලාදුරු රෝගී පරීක්ෂාවන් නතර කෙරේ

පාසල් ආශ්‍රිත ලාදුරු රෝගී පරීක්ෂාවන් නතර කෙරේ

ඉදිරියේ දී පාසල් ආශ්‍රිතව ලාදුරු රෝගී පරීක්ෂාවන් සිදුනොකිරීමට තීරණය කර ඇතැයි රජයේ ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා කියා සිටියි.

දරුවන්ගේ මානසික තත්ත්වය පිළිබඳ සිතා එම පියවර ගෙන ඇති බවටද වෛද්‍යවරයා පැවසීය.

නමුත් පාසලින් පිටත භාහිර ස්ථානවල සිදුකරන පරීක්ෂණ සහ ආශ්‍රිතයන් හඳුනාගැනීමේ ක්‍රියාවලිය දිගටම සිදුකෙරෙන බවද ඔහු කීවේය.

ළමයින්ගේ බහුතරයකට එනම් සියයට 80කට වඩා ඇත්තේ බෝනොවන ලාදුරු බවත් ළමයින්ගේ ලාදුරු රෝගී පරීක්ෂාවේදී එයින් ළමයාට ලොකු මානසික පීඩනයක් ඇති වන බවත් වෛද්‍යවරයා පැවසීය.

“මොකද වෛද්‍යරවරු PHI මහත්වරු, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මහත්වරු, දොස්තර මහත්වරු ඇවිල්ලා බලන්නේ, ඒ ළමයාගේ ලාදුරු හඳුනාගත්ත නිසා කියලා ලොකු බයක් තියෙනවා.

අපි ළමයාගේ අනන්‍යතාවය හෙළි කරන්නේ නැහැ. නමුත් ඉතාම කලාතුර අවස්ථා වලදී වෙනම ළමයාව හඳුනා ගැනීමක් වෙන්න පුළුවන්” යැයිද පැවසීය.

Share This