“Barbie” චිත්‍රපටය කුවේට් රාජ්‍යයේ තහනම් කරයි

“Barbie” චිත්‍රපටය කුවේට් රාජ්‍යයේ තහනම් කරයි

“Barbie” චිත්‍රපටය කුවේට් රාජ්‍යයේ තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

කුවේට් බලධාරීන් පවසන්නේ “සමාජ ආචාර ධර්ම” ආරක්ෂා කිරීම සඳහා ඔවුන් මෙම තීරණය ගත් බවය.

කුවේට් හි චිත්‍රපට වර්ගීකරණ මණ්ඩලයේ ප්‍රධානී ලාෆි අල්-සුබයි පැවසුවේ තම රටේ සංස්කෘතියට පටහැනි යැයි සැලකෙන චිත්‍රපට දර්ශන කපා ඉවත් කරන ලෙස තමාද ඉල්ලා සිටින බවයි.

එමෙන්ම Barbie තහනම් කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ලෙබනන් සංස්කෘතික අමාත්‍ය මොහොමඩ් මොර්ටාඩා අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබෙන බවද සඳහන්.

චිත්‍රපටය නිකුත් වී සති කිහිපයක් ඇතුළත ලොව පුරා ඩොලර් බිලියන 1කට අධික ආදායමක් උපයා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මෙම චිත්‍රපටය වියට්නාමය ඇතුළුව වෙනත් තැන්වල වාරණයට ලක්ව ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.