කෘත්‍රිම බුද්ධියේ (AI) ‘Godfather’ රැකියාව හැර යයි

කෘත්‍රිම බුද්ධියේ (AI) ‘Godfather’ රැකියාව හැර යයි

කෘත්‍රිම බුද්ධියේ ‘Artificial intelligence “‘Godfather’ ලෙස හැඳින්වෙන ජෙෆ්රි හින්ටන් මහතා සිය රැකියාවෙන් ඉවත්වී තිබෙනවා.

ඔහු මේ වන විට 75 වැනි වියේ පසුවන අතර, Google ආයතනයේ සේවකයෙකු ලෙස ක්‍රියා කළා.

ඔහු මෙසේ රැකියාවෙන් ඉවත්වීමට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ ‘තමන් 75 වැනි වියේ පසුවන බැවින්, විශ්‍රාම යා යුතු වීමයි’

නමුත් ඔහු රැකියාවෙන් ඉවත් වීමට පෙර, මෙම ක්ෂේත්‍රයේ සිදුවන වර්ධනයන් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් කරමින් වීම විශේෂ කරුණක්.

ඔහු පවසන්නේ කෘතීම බුද්ධිය මිනිස් මනස අභිබවා යාමේ අවධානමක් ඇති බවයි.

එමෙන්ම ඔහු සිදුකළ ඇතැම් අත්හදාබැලීම් පිළිබඳව අද වන විට ඔහු කණගාටුවන බව ද විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබෙනවා.

මීට අමතරව සමහර AI chatbots (චැට්බෝට්) තරමක් බියජනක ස්වරූපයක් ගන්නා බවද ඔහු සඳහන් කළා.

තවද AI chatbots ඉතාමත් කෙටි කාලයක් තුළ මිනිස් මොළය අභිබවා යාමට තරම් හැකියාවක් තිබෙන බවද ඔහු පවසනවා.

එමෙන්ම ඔහුගේ ඉගැන්වීම් හරහා ChatGPT වැනි වත්මන් AI පද්ධති ආදර්ශ ලබා ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කළා.

Share This