2035 දී චන්ද්‍රයාගේ මතුපිට න්‍යෂ්ටික බලාගාරයක්

2035 දී චන්ද්‍රයාගේ මතුපිට න්‍යෂ්ටික බලාගාරයක්

වසර 2035 වනවිට චන්ද්‍රයාගේ මතුපිට න්‍යෂ්ටික බලාගාරයක් ඉදි කිරීමට බලාපොරොත්තු වන බව රුසියාවේ රොස්කොස්මොස් ප්‍රධානී යූරි බොරිසොව් ප්‍රකාශ කළේය.

චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය සමඟ එකතු වී මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව රොස්කොස්මොස් ප්‍රධානී යූරි බොරිසොව් පැවැසුවේය.

මෙම ව්‍යාපෘතිය 2033 සිට 2035 වසර දක්වා කාලය තුළ අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද රොස්කොස්මොස් ප්‍රධානියා ප්‍රකාශ කළේය.

එසේම රුසියාව න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානයක් තැනීමටද බලාපොරොත්තු වන බව රොස්කොස්මොස් ප්‍රධානියා පැවැසුවේය.

මෙම ව්‍යාපෘති දෙක සාර්ථකව අවසන් කිරිමට හැකි වුවහොත් සඳෙහි ජනාවාස පිහිටුවීමට එය මහත් පිටුවහලක් වනු ඇතැයි යූරි බොරිසොව් ප්‍රකාශ කළේය.