ධාවනය වෙමින් තිබූ බස් රථයේ රියදුරුට සිහි නැති වී ගරාජයකට කඩාවදී – 13ක් රෝහලට

ධාවනය වෙමින් තිබූ බස් රථයේ රියදුරුට සිහි නැති වී ගරාජයකට කඩාවදී – 13ක් රෝහලට

ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක රියදුරු හදිසයේ රෝගී වීමෙන් බසය පාලනය කර ගැනීමට නොහැකිව මැදවච්චිය නගරයේ දී නිවසක් සහිත ගරාජයකකට කඩා වැදී අනතුරකට ලක්ව ඇතැයි පොලීසිය කියයි.

අනතුරින් 13 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් සුලු තුවාල ලැබූ 06 දෙනෙකු මැදවච්චිය රෝහලේ ප්‍රථිකාර ලබන බව පොලීසිය පවසයි.

බරපතල තුවාල ලැබූ 07 දෙනෙකු වැඩි දුර ප්‍රථිකාර සඳහා අනුරාධපුර ශීක්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබේ.

මෙම පෞද්ගලික බස් රථය වව්නියාවේ පිහිටි ඇඟලුම් හලකට සේවකයින් රැගෙන යමින් සිට ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේදී සේවකයින් 40ක් පමණ සිට ඇතැයි කියයි.

අනතුර සිදුවන අවස්ථාවේ ගරාජයේ හිමිකරු එහි සිට නොමැති අතර අනතුරින් ජීවිත හානි කිසිවක් සිදුව නොමැත. අනතුරින් පසු අවට සිටි පිරිස් පැමිණ බලද්දී රියදුරුට පියවි සිහිය තිබී නොමැති බව ද කියති.