වසර 63කට පසු යළි ශ්‍රී ලංකාව සමග එක්වන දැවැන්ත ඉන්ධන සමාගම

වසර 63කට පසු යළි ශ්‍රී ලංකාව සමග එක්වන දැවැන්ත ඉන්ධන සමාගම

වසර හැට තුනකට පසු ෂෙල් සමාගම නැවතත් ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයට එකතු වෙමින් එම සමාගමේ ප්‍රථම ඉන්ධන නැව මෙම මස 19 වැනිදා කොළඹ වරායට ඇතුල්වීමට නියමිතය.

1961 වසරේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජය විසින් 1880 පමණ සිට ශ්‍රී ලංකාවේ කටයුතු කළ ෂෙල් ඉන්ධන සමාගම රජයට පවරා ගනු ලැබීය.

ඉන්පසු එම සමාගම ඔවුන්ගේ ආසියාවේ මෙහෙයුම් කටයුතු ලංකාවෙන් ඉවත් කොට සිංගප්පූරුවේ ආරම්භ කරන ලද අතර අද සිංගප්පූරුවේ දැවැන්ත සමාගමක් බවට එය පත් වී තිබේ.

බලශක්ති ක්ෂේත්‍රයේ බලවතෙකු බවට පත්වීමට සිංගප්පූරුවට එමගින් හැකිවිය.

මෙම රජයේ බලශක්ති හා ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ ෂෙල් සමාගමට ඉන්ධන ආනයනය කිරීමට ගබඩා කිරීමට සහ බෙදා හැරීමට අවසර ලබා දී තිබේ.

ඒ වෙනුවෙන් රජය ඉන්ධන පිරවුම් හල් 150ක් වෙන්කොට ඇත.

නව පිරවුම් හල් ආරම්භ කිරීමට බලපත්‍ර පනහක් ද නිකුත් කර තිබේ.