දඹුල්ල තන්ඩර්ස් හිමිකාරීත්වයේ වෙනසක්

දඹුල්ල තන්ඩර්ස් හිමිකාරීත්වයේ වෙනසක්

එළඹෙන එල්පීඑල් තරගාවලිය නියමිත පරිදි පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බව ලංකා ප්‍රිමියර් ලීග් සංවිධායකයින් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ අයිතීන් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ලංකා ප්‍රිමියර් ලීග් සංවිධායකයින් ඊයේ (22) පියවර ගෙන තිබූ අතර ඒ අනුව, එහි හිමිකාරීත්වයේ වෙනසක් සමග මෙම තරගාවලිය ඉදිරියේ දී පැවැත්වෙන බවයි, ඔඋව්න් සඳහන් කළේ.

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීම සඳහා යෝජනා කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායම් හිමිකරු සහ ප්‍රධාන විධායක නිලධාරීයා ලෙස කටයුතු කළ තමීම් රහමාන් මෙම මස 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළේය.