දඩාවතේ යන බල්ලන් ලක්ෂ 62ක් ලංකාවේ

දඩාවතේ යන බල්ලන් ලක්ෂ 62ක් ලංකාවේ

දඩාවතේ යන බල්ලන් ලක්ෂ 62ක් ලංකාවේ සිටින බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසීය.

සංචාරක පෙදෙස්වල මේ තත්ත්වය ඉතා බරපතල තත්ත්වයක් නිර්මාණය කර තිබෙන බව කී තෙන්නකෝන් මහතා මේ සම්බන්ධයෙන් විසඳුමක් සෙවිය යුතුව තිබෙන බව ද සඳහන් කළේය.

සතුන්ගෙන් වන හානි සම්බන්ධයෙන් පියවර ගැනීමට රජය නව පනතක් ගෙන ඒමට කටයුතු කර තිබෙන්නේ යැයිද ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.