අධිවේගයේ අනතුරකින් රුසියානු ජාතිකයෙක් ජීවිතක්ෂයට

අධිවේගයේ අනතුරකින් රුසියානු ජාතිකයෙක් ජීවිතක්ෂයට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඊයේ (05) පස්වරුවේ සිදු වූ අනතුරකින් රුසියානු ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කොළඹ සිට මාතර දෙසට විදේශීයින් පිරිසක් රැගෙන ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයේ රියදුරුට නින්ද යාමෙන් 111 වන කිලෝමීටර් කණුව ආසන්නයේ දී මාර්ග අසල නවතා තිබූ ලොරි රථයක පසුපස ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ බස් රථයේ සිටි විදේශීකයෙකු රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

WhatsApp Image 2024 01 06 at 8.55.10 AM

WhatsApp Image 2024 01 06 at 8.55.09 AM

WhatsApp Image 2024 01 06 at 8.55.08 AM