මිල්කෝ සභාපති ඉල්ලා අස්වෙයි

මිල්කෝ සභාපති ඉල්ලා අස්වෙයි

මිල්කෝ ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කල රේණුක දුෂ්‍යන්ත පෙරේරා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ අනුව, ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට යොමු කරමින් මේ බව සඳහන් කර ඇත.

තමන්ට මෙම තනතු‍රේ කටයුතු කිරීමට තව මාසයක කාලයක් තිබුණද, මිල්කෝ ආයතනය පෞද්ගලිකකරණය කිරීමට දේශීය හා ඉන්දියානු සමාගමක් සමඟ ඒකබද්ධව කටයුතු කරන බැවින් තමන් මෙලෙස ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි, ඔහු එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

2022 වසරේ ජනවාරි 21 වන දින සිට රේණුක පෙරේරා මහතා මිල්කෝ ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබේ.

 

Share This