හමුදා කඳවුරු වලින් නිකුත් කරන ගිනි අවි ගැන විශේෂ විමර්ශනයක්

හමුදා කඳවුරු වලින් නිකුත් කරන ගිනි අවි ගැන විශේෂ විමර්ශනයක්

යුද හමුදා කඳවුරු වලින් ගිනි අවි නිකුත් කිරීමේදී අනුගමනය කෙරෙන නීති දැඩි කිරීමට තීරණය කර තිබේ.

හමුදා කඳවුරු වලින් නිකුත් කෙරෙන ගිනිඅවි කලට වේලාවට බාර දෙන්නේ දැයි විශේෂයෙන්ම විමර්ශනය කිරීමට මේ අනුව කටයුතු කෙරෙනු ඇත.

එසේම, අවි ගබඩා භාරකරුවන්ගේ ක්‍රියා කලාප සම්බන්ධයෙන්ද විමසිල්ලෙන් සිටීමට හමුදා ප්‍රධානීන් උපදෙස් දී ඇත.

රට පුරා පසුගිය දිනවල සිදු වූ පාතාල ක්‍රියාකාරකම් රැසකට සක්‍රීය සේවයේ යෙදුණු හමුදා පොලිස් බට පිරිස් සම්බන්ධ වී ඇති බවට තොරතුරු වාර්තා වීමෙන් පසු මෙම පියවර ගෙන ඇත.

පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වන හමුදා සාමාජිකයන්ට දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමටද රජය තීරණය කර ඇත.