උපන්දින සාදය අතරතුර පුංචි ලෝකාන්තෙන් පහළට වැටී දෙදෙනෙකුට බරපතල තුවාල

උපන්දින සාදය අතරතුර පුංචි ලෝකාන්තෙන් පහළට වැටී දෙදෙනෙකුට බරපතල තුවාල

මඩොල්සිම පුංචි ලෝකාන්තය ආසන්නයේදී පිහිටි රාගල සානුව නැමති ස්ථානයේදී උපන්දින සාදයක් පැවැත්වීමට ගිය තරුණ පිරිසක් අතුරින් දෙදෙනෙක් ප්‍රපාතයකට ඇඳවැටීමෙන් බරපතල තුවාල හිතව බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුලත් කළ බව මඩොල්සිම පොලිසිය පවසයි .

මෙම අනතුරෙන් තුවාල ලබාඇත්තේ පස්සර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයන් දෙදෙනෙකි .

මෙම තරුණ පිරිසගෙන් එක් අයෙකුගේ උපන්දිනය ඊයේ 23 දිනට යෙදී තිබූ අතර ඔහු තවත් මිතුරන් හතර දෙනෙකු සමග පුංචි ලෝකාන්තයට පහළින් පිහිටි රාගල සානුව නමැති ස්ථානයට ගොස් එහිදී මත්පැන් සාදයක් පත්වා තිබේ .

එම සාදය පවත්වන අතරතුර උපන්දිනය යෙදී තිබූ තරුණයා ගලකින් පහලට ලිස්සාගොස් ඇති අතර ඔහු බේරාගැනීමට උත්සාහක කළ මිතුරාද ප්‍රපාතයට ඇඳවැටී ඇතැයි විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කෙළ්ය .

Share This