කුරුණෑගල මාරක රිය අනතුරින් 8ක් රෝහලට

කුරුණෑගල මාරක රිය අනතුරින් 8ක් රෝහලට

කුරුණෑගල පුත්තලම මාර්ගයේ වාරියපොල වේරපොල ප්‍රදේශයේදී අද (09) උදෑසන සිදුවූ රිය අනතුරකින් 08 දෙනෙකු තුවාල ලබා ඇතැයි වාරියපොල පොලිසිය කියයි.

කුරුණෑගල දෙසින් පැමිණි වෑන් රථයක් සහ පාදෙණිය දෙසින් පැමිණි කාර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇත.

අනතුර හේතුවෙන් වෑන් රථයේ පැමිණි කාන්තාවන් තිදෙනෙකු ඇතුළු හය දෙනෙක් සහ කාර් රථයේ පැමිණි යුවලක් වාරියපොල දිසා රෝහලට ඇතුළු කළ බව පොලීසිය කියයි.

අනතුරින් බරපතළ තත්වයේ පසුවූ 07දෙනෙකුම වැඩිදුර ප්‍රථිකාර සදහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇත.

වෑන් රථයේ පැමිණි පිරිස හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් වන අතට කාර් රථයේ පැමිණ ඇත්තේ මහව ප්‍රදේශයේ පදිංචි යුවලකි.

වාරියපොල පොලිසියේ රථවාහන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

May be an image of 10 people, car and text

May be an image of 4 people, car and text

May be an image of 6 people, car and text

May be an image of 6 people, car and text

May be an image of 3 people and car

 

Share This