අධිවේගයේ අනතුරකින් කාන්තාවක් මරුට

අධිවේගයේ අනතුරකින් කාන්තාවක් මරුට

අද (28) අලුයම් කාලයේ අධිවේගී මාර්ගයේ කොට්ටාව – අතුරුගිරිය අතර කිලෝමීටර් 03 කණුව අසල දී ලොරි රථයක පිටුපසින් පැමිණි තවත් ලොරි රථයක් ගැටීඅනතුරක් සිදුව තිබේ

මෙම අනතුරින් පිටුපසින් පැමිණි ලොරි රථයේ ගමන් ගත් රියදුරු සහ කාන්තාවක් තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමේ දී කාන්තාව මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ ඇඹිලිපිටිය, සෙවනගල, කොවුල්ආර ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවක්.

ඇඹිලිපිටිය බලා යෑමට කඩුවෙල අධිවේගී පිවිසුම අසල දී ඇය මෙම ලොරි රථයට ගොඩ වී ඇත.

එම ලොරි රථය කඩුවෙල දෙස සිටකොට්ටාව දෙසට ගමන් කිරීමේ දී අතුරුගිරිය කිලෝමීටර් 03 කණුව ආසන්නයේ කාර්මික දෝෂයකට ලක්ව නවතා තිබූ තවත් ලොරි රථයක පිටුපස ගැටී මෙම අනතුර සිදුව තිබේ.

May be an image of 2 people and text