වෑන් රථ අනතුරකින් පාසල් සිසුවියක් මරුට

වෑන් රථ අනතුරකින් පාසල් සිසුවියක් මරුට

කන්තලේ, රජඇල ප්‍රදේශයේදී සිදු වූ වෑන් රථ අනතුරකින් පාසල් සිසුවියක් මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

අනතුර සිදුවීමෙන් පසු පළා ගිය වෑන් රථ රියදුරා සොයා පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ද කන්තලේ පොලිසිය පැවසීය.

මෙලෙස මියගොස් ඇත්තේ, කන්තලේ රජඇල යුනිට් හතර ප්‍රදේශයේ පදිංචි ජේ.එම්.ජි. හසිනි ප්‍රබෝදනී ජයසිංහ නැමති 19 හැවිරිදි කන්තලේ මධ්‍ය මහා විද්‍යාලයේ අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින සිසුවියකි.

සිසුවිය සිය ඥාති නිවසක සිට සිය නිවසට පයින් යද්දී පිටුපසින් පැමිණි වෑන් රථය ගසක හැපී අනතුරුව සිසුවියගේ ගැටී ඇතැයි පොලිසිය කියයි.

Share This