ෆොක්ස් හිල් අනතුර සම්බන්ධයෙන් තරඟකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

ෆොක්ස් හිල් අනතුර සම්බන්ධයෙන් තරඟකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

පුද්ගලයින් 07 දෙනෙකුට දිවි අහිමි කරමින් දියතලාව ෆොක්ස් හිල් මෝටර් ධාවන තරගය අතුරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ රියදුරන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අනතුරින් ඔවුන් දෙදෙනා ද තුවාල ලබා දියතලාව මූලික රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටිය දී එලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

අන්තරාකාරි ලෙස රිය ධාවනය යන චෝදනා යටතේ ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවේය.

අත්අඩංගුවට ගැනුණු තරඟකරුවන් දෙදෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඊයේ පැවති මෝටර් රථ තරගාවලියේ දී සිදුවූ බිහිසුණු අනතුරින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 24 දෙනෙකු තුවාල ලැබීය.

අනතුරින් ජීවිත අහිමිවූවන් අතර කුඩා දියණියක්, ඇගේ මුත්තණුවන් මෙන්ම තරග නිරීක්ෂකයින් 04 දෙනෙක් ද ඇතුළත් ය.

තුවාල ලැබූවන් මේ වනවිට ප්‍රතිකාර සඳහා යොමු කර ඇත්තේ, දියතලාව දිස්ත්‍රික් රෝහලට සහ බදුල්ල මහ රෝහල් වෙතයි.

ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව පොලිසිය පැවසුවේය.

Share This