කුඩුකාරයන්ට උදව් කරන නීතීඥවරුන් පිරිසක් දේශබන්දුට එරෙහිව බොරු නඩු පටලවන්න යයි!

කුඩුකාරයන්ට උදව් කරන නීතීඥවරුන් පිරිසක් දේශබන්දුට එරෙහිව බොරු නඩු පටලවන්න යයි!

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව නීතීඥවරුන් පිරිසක් නඩු පැවරීමට යන බව වාර්තා වේ.

“යුක්තිය” විශේෂ මෙහෙයුම නිසා මෙසේ ආදායම් අහිමිවන නීතීඥවරුන් පිරිසක් මෙම යුක්තිය විශේෂ මෙහෙයුම් නතර කිරීම සදහා දේශබන්ධු තෙන්නකෝන්ට විරුද්ධව අභූත චෝදනා කරමින් නඩු පැවරීමට යන බවයි, ආරංචිමාර්ග සදහන් කළේ.

කෙසේවෙතත්, පසුගියදා අමාත්‍ය ටිරාන් අලස් සදහන් කළේ, කවුරු මොනවා කීවත් මොන බලපෑම් ආවත් තමා සහ පොලිස්පතිවරයා කුඩු හා පාතාලය මර්ධනය කරන බවය. ඒ අනුව, ඊයේ (17) දින සිට දිවයින පුරා විශේෂ මෙහෙයුම් ආරම්භ කෙරිණි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ටිරාන් අලස් විශේෂ හෙලිදරව්වක් කරමින් පවසා සිටියේ, දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති කිරීමට විරුද්ධ වූ නීතිඥවරුන් මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රබලයන් සම්බන්ධයෙන් අධිකරණයේ පනවා ඇති නඩුවලට පෙනී සිටින බවයි. ඒ සඳහා බිලියන ගණනක මුදල් ද ඔවුන් උපයා ගන්නා බවත් ඔහු පැවසීය.

කුඩු සහ පාතාලය මර්ධනය කිරීමේ විශේෂ මෙහෙයුම් ආරම්භ කර පැය විසිහතරක් ඇතුලත පුද්ගලයින් 2121ක් පොලිසිය හා විශේෂ කාර්ය බලකාය මගින් අත් අඩංගුවට ගෙන ඇත.

Share This