උපාධි උත්සවයකට සිසුන් ප්‍රවාහනය කළ බස් රථයක් අනතුරක – 11ක් මරුට

උපාධි උත්සවයකට සිසුන් ප්‍රවාහනය කළ බස් රථයක් අනතුරක – 11ක් මරුට

ඉන්දුනීසියාවේ බටහිර ජාවා පළාතේ දී උපාධි උත්සවයක් සඳහා සිසුන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බස් රථයේ තිරිංග ක්‍රියා විරහිත වී මෝටර් රථ සහ යතුරුපැදි කිහිපයක ගැටී අනතුර සිදුවී ඇති බවයි, එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අනතුරින් පුද්ගලයින් 53 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර මියගිය පුද්ගලයින්ගෙන් බොහෝ දෙනෙකු උපාධි ප්‍රදානෝත්සවය සඳහා ගමන් කරමින් සිටි සිසුන් බවද වාර්තා වෙයි.

අනතුරට පෙර බස් රථයේ තිරිංග ක්‍රියා විරහිත වී ඇති බවට එරට මාර්ග ආරක්ෂක පොලීසිය සැක පළ කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර තිබේ.