කොළඹ – මඩකලපුව දුම්රිය මගීන් වෙනුවෙන් විශේෂ රාත්‍රී බස් සේවාවක්

කොළඹ – මඩකලපුව දුම්රිය මගීන් වෙනුවෙන් විශේෂ රාත්‍රී බස් සේවාවක්

කොළඹ – මඩකලපුව දුම්රිය මගීන් සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය විසින් විශේෂ රාත්‍රී බස් රථ සේවාවක් ආරම්භ කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මඩකලපුව ඩිපෝව මගින් මෙම බස් රථ සේවාව ආරම්භ කර ඇත.

ඒ අනුව, කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 3.00ට මඩකලපුව බලා පිටත්වන පුලතිසි සිඝ්‍රගාමි දුම්රියේ ගමන් ගන්නා මගීන්ගේ ප්‍රයෝජනය සඳහා මඩකලපුව දුම්රිය ස්ථානයේ සිට අක්කරෙයිපත්තුව දක්වා රාත්‍රී බස් සේවාවක් ඊයේ (24) රාත්‍රියේ සිට ආරම්භ කර ඇති බවයි සඳහන්වන්නේ.

මෙම බස් රථ සේවාව මඩකලපුව දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 10.30 ට පිටත් වී කාත්තාන්කුඩි, ආරයම්පති, කලුවංචිකුඩි, කල්මුණේ, කාරයිතිව්, නින්දවුර්, අට්ටාලයිචේන හරහා අක්කරෙයිපත්තුව වෙත ළඟාවීමට නියමිතයි.

Share This