සන්නද්ධ ගැටුම් / දේශපාලන නොසන්සුන්තාවයන් / සිවිල් කැළඹීම් වලින් මියගිය අය සමරන්න ස්මාරකයක්

සන්නද්ධ ගැටුම් / දේශපාලන නොසන්සුන්තාවයන් / සිවිල් කැළඹීම් වලින් මියගිය අය සමරන්න ස්මාරකයක්

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම්, දේශපාලන නොසන්සුන්තාවයන්, ජනවාර්ගික ගැටුම් හෝ සිවිල් කැළඹීම්වල ප්‍රතිඵලයක් ලෙස මිය ගිය අය සැමරීම වෙනුවෙන් ස්මාරකයක් ඉදිකිරීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

වාර්ගිකත්වය, ආගම, දේශපාලන මතවාදය හෝ වෙනත් හේතුන් මත පදනම් වූ ඕනෑම ආකාරයක ගැටුම්, පුරවැසියාගේ යහපැවැත්මට අහිතකරවන අතර ජාතියේ ඉදිරි ගමනට ද එය බාධාවක්වන අතර අතීතයේ කටුක අත්දැකීම් මගින් එය සනාථ කර ඇති බව කැබිනට් තීරණ දැනුම් දීමේ පත්‍රිකාවේ සඳහන් වනවා.

මෙම ස්මාරකය සංහිඳියාවේ සහ ප්‍රතිසන්ධානයේ සංකේතයක් ලෙස කොළඹ නගරයේ සුදුසු ස්ථානයක ඉදිකිරීමට අපේක්ෂිත බවයි සඳහන් වන්නේ.

 

Share This