මත්පැන් හල් වසා තැබීම ගැන දැනුම්දීමක්

මත්පැන් හල් වසා තැබීම ගැන දැනුම්දීමක්

පොසොන් පොහොය නිමිත්තෙන් ජුනි මස 03 වන දින දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සදහා වූ සියලුම මත්පැන් හල් වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර තිබේ.

රාජ්‍ය පොසොන් උත්සවය මුලික කර ගනිමින් මේ මස 31 වන දින සිට ලබන මස 06 වන දින දක්වා අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කරගනිමින් ප්‍රකාශයට පත්කොට ඇති පොසොන් සතිය තුල අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි සියලූම මත්පැන් හල් එම දිනයන් හිදී වසා තැබීමට නියෝග කර ඇත.

ඒ අනුව, එම දිනයන්හි දී සිය සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වැසීමට කටයුතු නොකරනු ලබන හෝ බලපත්‍ර කොන්දේසි කඩකරනු ලබන යම් සුරාබදු බලපත්‍රලත් ස්ථානයක් වෙතොත් ඒ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස දිවයිනේ සියලුම සුරාබදු ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් දී තිබේ.

 

Share This