ස්කොට්ලන්තයට ලකුණු 246ක ඉලක්කයක්

ස්කොට්ලන්තයට ලකුණු 246ක ඉලක්කයක්

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 49.3ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 245ක් රැස්කළේය.

පන්දුවට පහරදීමේදී පැතුම් නිස්සංක ලකුණු 75 ක් ලබා ගත් අතර චරිත් අසලංක ලකුණු 63ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේදී ස්කොට්ලන්තය වෙනුවෙන් Mark Watt කඩුලු 3ක් සහ Chris Greaves කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් විය..

ඒ අනුව, තරගයේ ජයග්‍රහණය සදහා ස්කොට්ලන්තය පන්දුවාර 50 දී ලකුණු 246ක් ලබාගත යුතුයි.