
හිටපු පළාත් සභා මන්ත්‍රී සංජය සිරිවර්ධන අවි ආයුධ තොගයක් සමග අත්අඩංගුවට
හිටපු පළාත් සභා මන්ත්‍රී සංජය සිරිවර්ධන අවි ආයුධ තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
අත්තනගල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුට අයත් ඉඩමකින් ටී 56 ගිනි අවියක්, මැගසින් දෙකක්, පතොරම් 130ක්, බෝර 12 ගිනි අවියක් සහ කාට්රිජ් 6ක් සොයා ගැනීමත් සමඟ ඔහුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි, වාර්තා වන්නේ.
මීට අමතරව ටී 56 ගිනි අවි කිහිපයක් සහ උණ්ඩ සඟවා තබා ඇතැයි ඔහු පැවසීමත් සමග එම ගිනි අවි සොයා විමර්ශන ක්‍රියාත්මක කිරීමටද පොලීසිය පියවර ගෙන තිබේ.
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාගේ මූලිකත්වයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.