ජුලි 01 වනදා සිට ප්‍රදේශ 03කට ඩිජිටල් විදුලි බිල්පත්

ජුලි 01 වනදා සිට ප්‍රදේශ 03කට ඩිජිටල් විදුලි බිල්පත්

මෙතෙක් කලක් භාවිතා කළ මුද්‍රිත කඩදාසි බිල්පත් වෙනුවට ඩිජිටල් ආකාරයෙන් විදුලි බිල්පත පාරිභෝගිකයන් වෙත හදුන්වා දීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර ඇතැයි එහි අතිරේක සාමාන්‍යධිකාරී හේමන්ත කේ. රණසිංහ මහතා පවසයි.

ඒ අනුව, ජූලි මස 01 වැනිදා සිට ඊ – බිල්පත් ක්‍රමයේ මුල් අදියර දියත් කෙරෙන බව හෙතෙම කීවේය.

නව ක්‍රමවේදයට අනුව පළමුව, දෙහිවල, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශවල පදිංචි පාරිභෝගිකයින් වෙත ඔවුන්ගේ විදුලි බිල්පත් ඩිජිටල් ආකෘතියෙන්, SMS හෝ විද්‍යුත් තැපෑලෙන් ලැබෙනු ඇති.

නව ක්‍රමවේදය අනුව මුද්‍රිත කඩදාසි බිල්පත් නිකුත් කිරීමේ සාම්ප්‍රදායික ක්‍රමය නවතා දැමීම සිදුකෙරෙන බවත් එමගින් වාර්ෂිකව කඩදාසි කොළ මිලියන 100 ක් පමණ ඉතිරි කර ගැනීමට අපේක්ෂා කෙරෙන බවත් අතිරේක සාමාන්‍යධිකාරී හේමන්ත කේ. රණසිංහ මහතා පවසයි.

Share This