අතුරුගිරියේ වෙඩිතැබීමකින් ක්ලබ් වසන්ත මරුට

අතුරුගිරියේ වෙඩිතැබීමකින් ක්ලබ් වසන්ත මරුට

අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත මියගොස් තිබේ.

පොලිසිය පැවසුවේ, අද උදෑසන 10.55ට පමණ අතුරුගිරිය නගරය ආසන්නයේ ජනප්‍රිය ගායිකා කේ.සූජීවාට අයත් සැලුනයක් (ටැටු) විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි.

සුදු පැහැති කාර් රථයකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු ටී 56 ගිනි අවිවලින් වෙඩි තබා පළාගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

එම වෙඩි තැබීමෙන් 06 දෙනෙකු තුවාල ලබා හෝමාගම මූලික රෝහල වෙත ඇතුලත් කර ඇති අතර තුවාල ලැබූවන් අතර ගායන ශිල්පිනි කේ. සුජීවා ද සිටින බව පොලීසිය සඳහන් කළේය.

එහිදී බරපතළ තත්ත්වයෙන් පසුවූ ඇයව හදිසි ප්‍රථිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා තිබේ.

වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.