චෙන්නායි සහ කන්කසන්තුරය අතර මගී නෞකා සේවා ඇරඹෙයි

චෙන්නායි සහ කන්කසන්තුරය අතර මගී නෞකා සේවා ඇරඹෙයි

ඉන්දියාවේ චෙන්නායි සිට කන්කසන්තුරය දක්වා වන මගී නෞකා ගමන් සේවය ආරම්භ වී තිබෙනවා.

එහි ආරම්භය සනිටුහන් කරමින් අද (16) පරීක්ෂක මගී නෞකාවක් යාපනය කන්කසන්තුරය වරාය වෙත තිබේ.

වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හා ධීවර කටයුතු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා විසින් පරීක්ෂක මගී නෞකාව පිළිගැනීම සිදු කරනු ලැබුවා.

ඉන්දියාවේ චෙන්නායි සිට කන්කසන්තුරය දක්වා මගී නෞකා සේවය හරහා ඉන්දු ලංකා සබඳතා පුළුල් කර ගැනීමට නියමිත බව වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ නිලධාරීන් ප්‍රකාශ කළා.

ඉන්දීය මගී නෞකාව අද උදෑසන මගීන් 100 දෙනෙකු සමඟ කන්කසන්තුරය වරාය වෙත පැමිණියා.

එම මගී නෞකාව පැමිණීමට සමගාමීව රුපියල් කෝටි 25ක වියදමින් සංවර්ධනය කළ කන්කසන්තුරය වරාය විවෘත කිරීම ද සිදු කෙරුණා.

ඉදිරියේදී මගී නෞකා සේවය සාමාන්‍ය ජනතාව වෙත විවෘත කිරීමට නියමිත අතර එක් අයෙකුට කිලෝ 100ක බරකින් යුතු භාණ්ඩ රැගෙන ඒමට හැකියාවක් පවතින බව සඳහන්.

සාමාන්‍ය ආගමන විගමන නීති යටතේ ලියාපදිංචියකින් අනතුරුව මගී නෞකාවෙන් චෙන්නායි දක්වා ගමන් කිරීමට හැකියාව පවතිනවා.

Indu lanka Boat 1

Indu lanka Boat 2

Indu lanka Boat 6

Indu lanka Boat 7

Indu lanka Boat 10

Share This