පාසල් වලට කෘත්‍රීම බුද්ධිය පිළිබඳ පාඨමාලා
පාසල් වලට කෘත්‍රීම බුද්ධිය පිළිබඳ පාඨමාලා හඳුන්වාදීම සම්බන්ධයෙන් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඊයේ (12) හිමිව තිබෙනවා.
මෙම නියමු ව්‍යාපෘතිය මයික්‍රෝසොෆ්ට් ආයතනයේ ද සහාය ඇතිව ක්‍රියාත්මක කිරීමටයි තීරණය කර ඇත්තේ.
මේ සම්බන්ධයෙන් වන යෝජනාව තාක්ෂණ අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ඒකාබද්ධව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණා.