ශිෂ්‍යත්ව ලකුණු මත පාසල් වලට ළමුන් ඇතුළත් කර ගැනීමට අභියාචනා කැඳවේ.

ශිෂ්‍යත්ව ලකුණු මත පාසල් වලට ළමුන් ඇතුළත් කර ගැනීමට අභියාචනා කැඳවේ.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ (2023) ලකුණු මත දරුවන්ට රජයේ පාසල් වල 6 ශ්‍රේණියට ඇතුළත්වීම සඳහා අභියාචනා මේ මස 13 වැනිදා සිට 29 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමයට කැඳවන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

අධ්‍යාපන අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස හෝ http://g6appilication.moe.gov.lk/#/ යන දිගුව ඔස්සේ හෝ අභියාචනා යොමු කළ හැකි බව ද අමාත්‍යංශය පවසයි .

එහිදී එක් දරුවෙක්ට පාසල් තුනක් පමණක් අයදුම් කළහැකි බව ද අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.