ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් සංචිතය නම් කෙරේ

දෙසැම්බර් 8 සිට 17 දක්වා ඩුබායිහි ක්‍රීඩාංගණ තුනකදී පැවැත්වීමට නියමිත අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතය මේ වනවිට ප්‍රකාශයට පත් කර ඇත.

කණ්ඩායමේ නායකත්වය දරන්නේ කොළඹ රාජකීය විද්‍යාලයේ සිනෙත් ජයවර්ධන විසිනි. උපනායක මල්ෂ තරුපති රිච්මන්ඩ් විද්‍යාලයෙනි.

නම් කර ඇති සංචිතය මෙසේය.

සිනෙත් ජයවර්ධන (නායක, රාජකීය), මල්ෂා තරුපති (උප නායක, රිච්මන්ඩ්), පුලිඳු පෙරේරා (ධර්මරාජා), විශේන් හැලඹගේ (ශාන්ත පීතර), රවිශාන් නෙත්සර (පී ද එස්. කුලරත්න ම. වි. අම්බලන්ගොඩ), සරුජන් ෂන්මුගනාදන් (ශාන්ත බෙනඩික්ට්), දිනුර කළුපහන (මහින්ද ගාල්ල), විහස් තෙව්මික (තර්ස්ටන්), විශ්ව ලහිරු (ශ්‍රී සුමංගල පානදුර), ගරුක සංකේත (ලයිසියම් ජාත්‍යාන්තර විද්‍යාලය, වත්තල), රුවිෂාන් පෙරේරා (ආනන්ද), රුසඳ ගමගේ (ශාන්ත පීතර), හිරුන් කපුරුබන්ඩාර (කොළඹ ශාන්ත ජෝශප්), දිනුක තෙන්නකෝන් (ත්‍රිත්ව), දුවිඳු රණතුංග (මහානාම)

කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජෙහාන් මුබාරක්ය. ඔහුගේ සහායක සම්පත් පෙරේරාය. වේගපන්දු පුහුණුකරු චමිල ගමගේය. දඟ පන්දු පුහුණුකරු සචිත් පතිරණය.පන්දු රැකීමේ පුහුණුකරු ගයාන් විජේකෝන් ය.

ඔවුන්ගේ මඟපෙන්වීම යටතේ ක්‍රීඩකයන් පල්ලෙකැලේ දී දැඩි පුහුණුවක් ලැබූහ. කණ්ඩායමේ කළමනාකරු ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක ජයන්ත සෙනෙවිරත්නය.

තරගාවලියේ කණ්ඩායම් 8ක් තරග වැදීමට නියමිතය. තරග හතර බැගින් වූ කාණ්ඩ දෙකකට බෙදා මෙම තරග පැවැත්වේ., පළමු තරගයෙන් වත්මන් ශූර ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානය අතර ආරම්භ වන අතර අනුශූර ශ්‍රී ලංකාව සිය පළමු තරගය මංගල අන්තර්ජාතික ක්‍රිකට් තරගය ක්‍රීඩා කරන ජපානයට එරෙහිව ක්‍රීඩා කරනු ඇත.

May be an image of 1 person and text