“මිජවුම්” තවත් චන්ඩ වෙයි – පළාත් කිහිපයකට අදත් වැසි

“මිජවුම්” තවත් චන්ඩ වෙයි – පළාත් කිහිපයකට අදත් වැසි

බටහිර – මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “මිජවුම්” (MICHAUNG) චණ්ඩ සුළි කුණාටුව, ඊයේ (04) දින රාත්‍රී 11.30 වන විට උතුරු අක්ෂාංශ 14.5° සහ නැගෙනහිර දේශාංශ 80.3° ආසන්න ප්‍රදේශයේ, යාපනයේ සිට කි.මි. 520 ක් පමණ උතුරු දෙසින් පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙම පද්ධතිය උතුරු දෙසට ගමන් කර අද (05) දිනයේ දකුණු අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළුවනු ඇතැයි බලාපොරොත්තුවේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ උතුරු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ

සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී මීදුම සහිත තත්ත්වයක් පැවතිය හැකියි.