සිම්බාබ්වේ – ශ්‍රී ලංකා දෙවන විස්සයි විස්ස තරගය අද

සිම්බාබ්වේ – ශ්‍රී ලංකා දෙවන විස්සයි විස්ස තරගය අද

ශ්‍රී ලංකා සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (16) පැවැත්වීමට නියමිතයි.

තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී රාත්‍රී 7.00 ට ආරම්භ කිරීමට සැලසුම්කර තිබේ.

තරග 03කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය කඩුලු 3කින් ජය ගත්තේ සත්කාරක ශ්‍රී ලංකාවයි.

ඒ අනුව, තරගාවලිය තරග 1ට 0ක් ලෙස මේ වනවිට ශ්‍රී ලංකාව පෙරමුණ ගෙන සිටි.

දෙරට අතර මේ දක්වා පවත්වා ඇත්තේ පන්දුවාර 20යි 20 තරග 4ක් පමණයි.

එම තරග 4ම ශ්‍රී ලංකාව ජය ගත්තේ ය.

දෙරට අතර තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය අනිද්දා පැවැත් වීමට නියමිතය.