අද සිට ‘යුක්තිය’ මෙහෙයුමේ වෙනසක්

අද සිට ‘යුක්තිය’ මෙහෙයුමේ වෙනසක්

යුක්තිය මෙහෙයුමට අද (14) සිට ක්‍රියාකාරීව සම්බන්ධ වන්නැයි, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සියලුම කොට්ඨාශ භාර නිලධාරීන්, දිස්ත්‍රික් භාර නිලධාරීන්, ස්ථානාධිපතිවරුන් සහ අපරාධ අංශ ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී තිබේ.

ඒ, විශේෂ උපදෙස් පංතියක් පවත්වමින්.

එහිදී විවෘත වරෙන්තු 35,505ක් ඇගිලි සටහන් මාධ්‍යයෙන් හඳුනාගෙන මෙතෙක් අත්අඩංගුවට නොගත් සැකකරුවන් 4,258 ක් සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 2,485 ක් දෙනෙකුගේ ලැයිස්තුවක් අපරාධ අංශ ස්ථානාධිපතිවරුන් වෙත ලබාදී ඇතැයි, මහජන ආරක්ෂක අමාත්‍යාංශය පැවසීය.

වැඩබලන පොලිස්පතිවරයා නියෝග කර ඇත්තේ, යුක්තිය මෙහෙයුම යටතේ ඉදිරි මාසයක කාලය තුළ තම පොලිස් වසම් ආවරණය වන පරිදි මෙහෙයුම් සිදුකර ලැයිස්තුගත සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පැය 24 පුරා සියලුම අපරාධ අංශ නිලධාරීන් යොදවන ලෙසයි.

මේ අතර, යුක්තිය මෙහෙයුමේදී රටේ පවත්නා නීති රාමුව තුළ නීතියෙන් නියම කරන ලද ආකාරයට කටයුතු කරන්නැයි, පොලිස් කොමිසම වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින්, ජාතික පොලිස් කොමිෂන් සභාව පැවසුවේ, යුක්තිය මෙහෙයුමේ අරමුණ පිළිබඳව යොමු කර ඇති මහජන පැමිණිලි හා ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය තුළින් සිදුකෙරෙන ප්‍රචාර පිළිබඳව දීර්ඝ ලෙස අධ්‍යනය කළ බවයි.

ඒ අනුව, කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරමින්, පොලිස් කොමිසම වැඩබලන පොලිස්පතිවරයාට මේ බව දැනුම් දී තිබේ.

Share This