ඉන්දීය වයලීන් වාදනයේ නව රජු අම්බි සුබ්‍රමනියම් අද දිවයිනට

ඉන්දීය වයලීන් වාදනයේ නව රජු අම්බි සුබ්‍රමනියම් අද දිවයිනට

මෙරට යාපනයේ ඉපිද 1982 දී ඉන්දියාවට සංක්‍රමණයවූ සුප්‍රසිද්ධ වයලින් වාදන ශිල්පී පන්ඩිත් ලක්ෂ්මීනාරායන සුබ්‍රමනියම් මහතාගේ පුත්, ඉන්දියානු සම්භාව්‍ය වයලීන් වාදනයේ නව රජු ලෙස කිරුළ දරන ඉන්දීය සංගීතඥ ආචාර්ය අම්බි සුබ්‍රමනියම් මහතා සංචාරයක් සඳහා අද (17 ) මෙරටට පැමිණිමට නියමිතය.

අද සිට 21 දා දක්වා මෙරට රැඳී සිටින අම්බි මහතාගේ ශාස්ත්‍රීය සංගීත වැඩ මුළුවක් හා වයලින් වාදනයක් හෙට පස්වරු 1.00 ට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම විද්‍යාපීඨ ශ්‍රවනාගාරයේදි පැවැත්වීමට නියමිතයි.

තවද අම්බි මහතාගේ සංගීත ප්‍රසංගයක් අද පස්වරු 06.30ට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය ගෘහස්ත ක්‍රීඩාංගණයේදී නොමිලේ පැවැත්වෙන බව පේරාදෙණිය විශ්ව ව්ද්‍යාලය සඳහන් කරයි.

මේ සංගිත ප්‍රසංගය සඳහා 5000 ක පිරිසකට නොමිලේ සහභාගි විය හැකි බවද එම විශ්ව විද්‍යාලය පවසයි.

Share This