“යුක්තිය” හරක් හොරු පසුපස පැන්නීම අදසිට

“යුක්තිය” හරක් හොරු පසුපස පැන්නීම අදසිට

දීපව්‍යාප්තව සිදුවන ගව සොරකම් නතර කිරීමටත් ‘යුක්තිය’ මෙහෙයුම අද (26 ) සිට ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක (අපරාධ) නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට එරෙහිව සිදුකරන යුක්තිය මෙහෙයුම සාර්ථක වෙමින් තිබෙන නිසා මහජතාවගෙන් ලැබෙන ඉල්ලුම් අනුව ගව හොරකම් පිළිබඳව සොයා බැලීමටත් මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව ද පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, 2023 වසරේ සිට 2024 ජනවාරි දක්වා රුපියල් කෝටි 10 1/2ක් පමණ වටිනා හරක් හොරකම් සිදුකර ඇතැයි ද සඳහන් කරයි.

මෙම හරක් ජාවාරම් පිටුපස කෝටිපති ව්‍යාපාරිකයන් මෙන්ම විවිධ තරාතිරමේ පුද්ගලයන් සිටින බව ද පොලිසිය කියයි.

මේ අතර යුක්තිය මෙහෙයුම යටතේ මත්ලෝලීන්ට වේදනා නාශක පෙති වැඩි මිලට අලෙවි කරන ෆාමසි වැටළීම ඖෂධ නියාමන නිලධාරීන්ගේ සහාය ඇතිව සිදු කෙරේ.