හෙට (19) සහ අනිද්දා (20) බතලගොඩ වී පර්යේෂණ ආයතනය නැරඹීමට අවස්ථාව

හෙට (19) සහ අනිද්දා (20) බතලගොඩ වී පර්යේෂණ ආයතනය නැරඹීමට අවස්ථාව

බතලගොඩ වී පර්යේෂණ ආයතනය හෙට (19) සහ අනිද්දා (20) ජනතාවට නැරඹීම සඳහා විවෘත බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තීරණය පවසයි.

බතලගොඩ වී පර්යේෂණ අභිජනන මධ්‍යස්ථානයේ අස්වනු නෙළීම වෙනුවෙන් බතලගොඩ අභිජනන මධ්‍යස්ථාන භූමිය ජනතාවට නැරඹීම සඳහා විවෘතව තැබීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ඒ අනුව හෙට (19) සිට 20 දින දක්වා ජනතාවට මෙම අභිජනන මධ්‍යස්ථානය සහ ගොවිපොළ කටයුතු නිරීක්ෂණය කළ හැකි බවද ගොවි ජනතාවට නව කෘෂිකාර්මික තාක්ෂණය, අලුත් වී වර්ග සහ නව නිපැයුම් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා බතලගොඩ වී පර්යේෂණ ආයතනයට පැමිණෙන්නැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

Share This