යුක්තිය මෙහෙයුම අද සිට යළිත්

යුක්තිය මෙහෙයුම අද සිට යළිත්

මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ආරම්භ කළ යුක්තිය මෙහෙයුම අද (27) සිට පෙර පරිදිම ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

නත්තල වෙනුවෙන් ක්‍රියාත්මක වූ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ හා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් හේතුවෙන් ඊයේ හා පෙරේදා යුක්තිය මෙහෙයුමේ සෝදිසි කිරීම් සීමා කෙරුණි

යුක්තිය මෙහෙයුමේදී සතියක් තුළ අත්අඩංගුවට ගත් සැකකරුවන් සංඛ්‍යාව, 13,666 ක් වන අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් 717 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ගෙන තිබේ.