පළමු පාසල් වාරය ජුලි 21 සිකුරාදා අවසන්

පළමු පාසල් වාරය ජුලි 21 සිකුරාදා අවසන්

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය ජුලි 21 වැනිදා අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

කොවිඩ් තත්ත්වය හමුවේ පාසල් වසා තැබීම හේතුවෙන් මෙවර පළමු පාසල් වාරය ආරම්භ වූණේ මාර්තු මස 21 වැනිදායි.

එමෙන්ම මෙවර පළමු පාසල් වාරය පැවැත්වුණේ අදියර තුනක් යටතේයි.

දෙවන පාසල් වාරය ජූලි මස 24 වැනිදා ආරම්භ කෙරෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

දෙවන පාසල්වාරය අවසන් වන්නේ ඔක්තෝබර් මස 13 වැනි සිකුරාදායි.

Share This