ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් හෙට ජනපති ප්‍රධානත්වයෙන්

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් හෙට ජනපති ප්‍රධානත්වයෙන්

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් හෙට (24) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පස්වරු 5.00 ට ජනාධිපති කාර්යාලයේ දී එම රැස්වීම පැවැත්වෙන බව ආණ්ඩු පක්ෂයේ ආරංචි මාර්ග පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදය සහ ඡන්ද විමසීම පිළිබඳව එහිදී සාකච්ජා කිරීමට නියමිතව ඇතැයි, එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම, උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් ද අදාළ හමුවේදී වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතව ඇති බව ද පැවසේ.

 

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )