එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානිය යළි ගණනය කිරීමට පියවර

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානිය යළි ගණනය කිරීමට පියවර

මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීම‍ට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානිය යළි ගණනය කිරීමට මේ වන විට පියවර ගෙන ඇතැයි, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි එම වාර්තාව සැකසීම ආරම්භ කර ඇති බවයි , එහි සභාපති නීතිඥ අසේල රැකව සඳහන් කළේ.

මේ වසරේ අප්‍රේල් 30 වැනිදා දක්වා කාලය තුළ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මෙරටට සිදුවු හානිය ගණනය කිරිම, ආරම්භ කර ඇතැයි සභාපතිවරයා සඳහන් කළේ ය.

Share This