විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ

පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳ තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (20) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පෙරවරු 11ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස්වීම පැවැත්වීමට නියමිත බවයි.

ඒ සඳහා, පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් සහ එම පක්ෂවල නියෝජිතයින්ට ආරාධනා කර තිබේ.

සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසු පළමු වරට අප්‍රේල් 25 වන දින පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතය.

එළඹෙන පාර්ලිමේන්තු සැසියේ දී නව ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

අද දිනයේ රැස්වන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී පක්ෂ නායකයිනි විසින් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතය.

මේ අතර පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ද අද පෙරවරු 10.00ට රැස්වීමට නියමිතව තිබේ.

 

Share This