ලොව විශාලතම සහ බරම වකුගඩු ගල ඉවත් කරමින් යුධ හමුදා වෛද්‍ය කණ්ඩායම ගිනස් වාර්තා පොතට

ලොව විශාලතම සහ බරම වකුගඩු ගල ඉවත් කරමින් යුධ හමුදා වෛද්‍ය කණ්ඩායම ගිනස් වාර්තා පොතට

ලොව විශාලතම සහ බරම වකුගඩු ගල (කලනය) ලෙස සැලකෙන විශාල ප්‍රමාණයේ වකුගඩු ගලක් යුධ හමුදා වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් සිදුකළ ශල්‍යකර්මයකින් ඉවත් කර ඇති බව යුධ හමුදාව පවසයි.

දෙසතියකට පෙර බ්‍රහස්පතින්දා (1) කොළඹ යුද හමුදා රෝහලේදී සිදුකළ මෙම සැත්කම ගිනස් වාර්තා පොතට එක් වුන බව සඳහන් වේ.

කොළඹ යුද්ධ හමුදා රෝහලේ ජෙනිටෝ මුත්‍රා අංශයේ ප්‍රධානී මුත්‍රා රෝග විශේෂඥ වෛද්‍ය ලුතිනන් කර්නල් (වෛද්‍ය) කේ. සුතාර්ෂන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කපිතන් (වෛද්‍ය) ඩබ්ලිව්.පී.එස්.සී පතිරත්න සහ වෛද්‍ය තමන්ෂා ප්‍රේමතිලක විසින් මෙම ශල්‍යකර්මයේ සිදුකරනු ලැබීය

විශේෂ නිර්වින්දක වෛද්‍යවරු ලෙස කර්නල් (වෛද්‍ය) යූ.ඒ.එල්.ඩී. පෙරේරා සහ කර්නල් (වෛද්‍ය) සී.එම් අබේසිංහ කටයුතු කර තිබිණි.

ගලෙහි දිග සෙන්ටිමීටර 13.372 ක් වූ අතර බර ග්‍රෑම් 801 කි.

දැනට පවතින ගිනස් වාර්තාවට අනුව ලොව විශාලතම වකුගඩු ගල (2004 ඉන්දියාව) සෙන්ටිමීටර 13 ක් වන අතර බරින් වැඩිම වකුගඩු ගල (2008 පාකිස්තානය) බර ග්‍රෑම් 620 ක් බව යුද හමුදාව වැඩිදුරටත් පැවසීය.

Share This