තවත් ලෝක කුසලාන පුහුණු තරග දෙකක් අද

තවත් ලෝක කුසලාන පුහුණු තරග දෙකක් අද

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සමගාමීව අද (02) දිනයේ පුහුණු තරග දෙකක් පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ, බංග්ලාශදේශ සහ එංගලන්ත අතර තරගයත්, නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතර තරගය වේ.

බංග්ලාදේශය සහ එංගලන්තය අතර තරගය ගුවාති හි බරස්පරා ක්‍රීඩාංගණයේදී අද පස්වරු 2.00ට ආරම්භවීමට නියමිතයි.

නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතර තරගය අද පස්වරු 2.00ට තිරුවන්නාතපුරම් හි ග්‍රීන්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන 05 වනදා ආරම්භවීමට නියමිතයි.