අණ නොතැකු යතුරුපැදියකට පොලීසියෙන් වෙඩි

අණ නොතැකු යතුරුපැදියකට පොලීසියෙන් වෙඩි

රඹුක්කන, බෝලගම, කොටගම පොලිස් මාර්ග බාධකය හරහා අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලිසියෙන් වෙඩි තබා තිබේ.

වෙඩි තැබීමෙන් යතුරුපැදිකරුගේ පාදයකට හා අතකට තුවාල සිදුව ඇතැයි පොලිසිය පවසයි.

අද (14) අලුයම 3.15ට පමණ අදාළ සිද්ධිය සිදුව තිබූ අතර තුවාලකරු ප්‍රතිකාර සඳහා කෑගල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වෙත ඇතුළත් කර තිබේ.

වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ හිරිවඩුන්න, රඹුක්කන ලිපිනයේ පදිංචි පුද්ගලයෙකි.

සැක කකටයුතු පුද්ගලයකු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත විශේෂ මර්ග බාධකයක් දමා එහි ගමන් ගන්නා පිරිස පරික්ෂාවට ලක් කර ඇති අතර අලුයම ධාවනය කළ යතුරුපැදියකට නතර කරන ලෙස අණ කළ ද නොනවත්වා ධාවනය කිරීමට උත්සාහ කළ අවස්ථාවේ පොලිසිය වෙඩි තබා ඇත.

Share This