යතුරු පැදියකින් යමින් සිටි එකම පවුලේ තිදෙනෙකුට වන අලි ප්‍රහාරයක්

යතුරු පැදියකින් යමින් සිටි එකම පවුලේ තිදෙනෙකුට වන අලි ප්‍රහාරයක්

යතුරු පැදියකින් ගමන් කරමින් සිටි එකම පවුලේ තිදෙනෙක් වන අලියෙකුගේ ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

මොවුන් තිදෙනා ඊයේ (01) මෙලෙස වන අලියාගේ ප්‍රහාරයට ලක්ව ඇති අතර, තබ්බෝව – තේවනූරුව ප්‍රදේශයේදී ඔවුන් මෙම සිද්ධියට මුහුණ පා තිබේ.

මෙලෙස රෝහල් ගතකර ඇත්තේ 41 හැවිරිදි වියේ පසුවන අඹුසැමියන් යුවලක් සහ ඔවුන්ගේ වයස අවුරුදු දෙක හමාරක දරුවා බවයි වාර්තා වන්නේ.

ඔවුන් වනාතවිල්ලුවේ සිට අතුරු මාර්ගයක් ඔස්සේ තබ්බෝව දක්වා ගමන් කරමින් සිටින විට මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

පුත්තලම රෝහල වෙත ඇතුළත් කර ඇති ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කළා.