එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරඟ අද සිට ඇරඹේ

එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරඟ අද සිට ඇරඹේ

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය සිම්බාබ්වේ හිදී අද (18) සිට ආරම්භවීමට නියමිතයි.

ඒ අනුව, අද දිනයේ තරග දෙකක් පැවැත්වීමට නියමිතව තිබේ.

“ඒ” ඛාණ්ඩය යටතේ පැවැත්වෙන තරඟය සිම්බාබ්වේ කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතර අද දහවල් 12.30ට ආරම්භවීමට නියමිතයි.

එම ඛාණ්ඩයේම ඇමෙරිකානු කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගය ද අද දහවල් 12.30ට ආරම්භ වනු ඇත.

සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම් දෙක ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබනු ඇති.

කණ්ඩායම් 10 ක් කාණ්ඩ 02 ක් යටතේ තරග වදින අතර අදාළ තරග 34 හරාරේ සහ බුලවායෝ හිදී පැවැත්වීමට නියමිතයි.

ඒ කාණ්ඩය යටතේ සත්කාරක සිම්බාබ්වේ, නේපාලය, බටහිර ඉන්දීය කොදෙව්, නෙදර්ලන්තය සහ අමෙරිකාව තරග වදිනු ඇති..

බී කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඕමානය, අයර්ලන්තය සහ ස්කොට්ලන්තය යි තරග වැදීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය හෙට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග පැවැත්වෙයි.

එය ශ්‍රී ලංකාවේ වේලාවෙන් හෙට දහවල් 12.30ට ආරම්භ වනු ඇති.

Share This