ශාන්ති කර්මයකදී තැඹිලි ගෙඩි 21 පානය කල කාන්තාවක් මරුට

ශාන්ති කර්මයකදී තැඹිලි ගෙඩි 21 පානය කල කාන්තාවක් මරුට

අමනුෂ්‍ය බලවේගයක් ඉවත් කිරිමට ශාන්ති කර්මයක් කරන අතරතුර තැඹිලි ගෙඩි 21 පෙවීමෙන් ආතුර කාන්තාවක මිය ගොස් ඇතැයි ලග්ගල පොලිසිය පවසයි.

ශාන්ති කර්මය අතරතුරදී ඔවුන්ට තැඹිලි ගෙඩි 21ක් පානය කිරීමට ලබාදී ඇති අතර එම අවස්ථාවේදී එක් කාන්තාවක් අසනීප වී තිබේ.

ඇය අසනීප වූ විට ශාන්තිකර්මය සිදු කළ පුද්ගලයන් කහ වතුර පානය කිරීමට ලබා දී ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරුව රෝගී තත්ත්වය උත්සන්න වූ කාන්තාව දාස්ගිරිය රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා.

මියගොස් ඇත්තේ ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචි (48);හැවිරිදි කාන්තාවකි.

සිද්ධිය සම්බන්ධයෙන් එම ශාන්ති කර්මය සිදු කළ 25හැවිරිදි තරුණයකු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

ලග්ගල, දාස්ගිරිය ප්‍රදේශයේ නිවසක අසනීප තත්ත්වයෙන් පසුවූ කාන්තාවන් දෙදෙනකු හා පිරිමි පුද්ගලයකු සුවපත් කිරීම සඳහා මෙම ශාන්තිකර්මයක් පවත්වා තිබේ.

මෙම ශාන්තිකර්මය පුරා රාත්‍රියක් තිස්සේ පවත්වා ඇතැයි ද පොලිසිය පවසයි.

 

Share This