නියෝජ්‍ය කථානායක ධුරය මොහොමඩ් රිස්වි සාලිට
10 වැනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරය සඳහා මොහොමඩ් රිස්වී සාලි මහතා පත් විය.
ඒ සඳහා නමක් යෝජනා කරන ලෙස කථානායක අශෝක රංවල මහතා විසින් මැතිසබයට දැනුම් දුන්නේය.
ඒ අනුව, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මොහොමඩ් සාලි මහතාගේ නම යෝජනා කළ අතර කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල් රාජ් මහත්මිය එම යෝජනාව ස්ථිර කළාය.