සතොස බිත්තර මිල ඉහළට

සතොස බිත්තර මිල ඉහළට

සතොස හරහා අලෙවි කරන ආනයනික ඉන්දීය බිත්තරයක මිල අද (21) සිට රුපියල් 8.00 කින් ඉහළ දමා තිබේ.

මේ අනුව, මෙතෙක් 35ට විකුණු ආනයනික බිත්තරයක මිළ රුපියල් 43 ක් වන බවයි, වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂීතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ.

වැට් බදු සංශෝධනය හමුවේ මෙම මිළ ගණන් සංශෝධනය කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.